Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දීය ක්‍රීඩකයන් හමුවේ අසීරු අභියෝගයක් මැද ශ්‍රී ලංකා පිල (UPDATE)

කසුන් කැලුම්




ඉන්දියාව සමග පැවැත්වෙන 2වන ටෙස්ට් තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමට අසීරු අභියෝගයකට  මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ, ඉන්දිය පිතිකරුවන් කඩුලූ 6ක් දැවී ලකුණු 610ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉණිම අද (26) පස්වරුවේ අත්හිටු වීමත් සමගයි.

ඉන්දිය කණ්ඩායමක් ලකුණු 600 සිමාව පසු කර ගිය 30 වන අවස්ථාව ද එය විමද කැපී පෙණුනා.

ශ්‍රි ලංකා පළමු ඉණිම සියලූ දෙනා දැවී ලකුණු 205යි. ඒ අනුව ඉන්දියාව ශ්‍රි ලංකාවට වඩා ඉදිරියෙන් සිටි ලකුණු සංඛ්‍යාව 405ක්.

ඉන්දිය ඉණිම වෙනුවෙන් නායක විරාත් කෝලි ලකුණු 213ක් රැස් කළා.

එය කෝලි රැස් කළ පස්වන ටෙස්ට් ද්විත්ව ශතකයයි.

ඔහු මෙම සියලූ ද්විත්ව ශතක රැස්කර ඇත්තේ නායකයෙකු ලෙස වීමද විශේෂත්වයක්.

කෝලි අද (26) ද්විත්ව ශතකය රැස් කිරීමත් සමග නායකයෙකු ලෙස ද්විත්ව ශතක පහක් රැස් කරමින් බ්‍රයන් ලාරා මීට පෙර පිහිටුවා තිබූ වාර්තාව අද සම කළා.

ඉන්දියාව වෙනුවෙන් චෙටිස්වර් පුජාරා ලකුණු 143ක්, මුරලි විෙජ් ලකුණු 128ක් සහ රෝහිත් ශර්මා නොදැවී ලකුණු 102ක් රැස් කළා.

පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකණු 202කට කඩුලූ 3යි.

සිය 2වන ඉණිම වෙනුවනේ අද පස්වරුවේ පන්දුවට පහර දීම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය  නිමා වන විට එක් කඩුල්ලක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාවන 21ක්.

සදීර සමරවික්‍රම ලකුණු නොලබා දැවී ගියා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලූ 9ක් අතැතිව ඉන්දිය කණ්ඩායමට වඩා ලකුණු 384ක් පිටුපසින් සිටිනවා.

හෙට (27) තරගයේ සිව්වන දිනයයි.

----------------

ද්විත්ව ශතකයක් සමග විරාත් කෝලි ඉන්දිය ඉනිම ශක්තිමත් කරයි (26-11-2017 15:45)

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 2වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3වන දිනයේ අවසන් භාගය මේ වනවිට ක්‍රියාත්මකයි.

ඉන්දිය නායක විරාත් කෝලි එහිදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීම විශේෂත්වයක්.

ඔහු දැවී යන විට රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 213ක්.

එය කෝලි රැස් කළ පස්වන ටෙස්ට් ද්විත්ව ශතකයයි.

ඔහු මෙම සියලූ ද්විත්ව ශතක රැස් කර ඇත්තේ නායකයෙකු ලෙස පත් වීමෙන් පසුව වීමද විශේෂත්වයක්.

කෝලි අද ද්විත්ව ශතකය රැස් කිරීමත් සමග නායකයෙකු ලෙස ද්විත්ව ශතක පහක් රැස් කරමින් බ්‍රයන් ලාරා මීට පෙර පිහිටුවා තිබූ වාර්තාව සම කිරිමට ඔහු සමත් වුණා.

සිය පලමු ඉණිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 610ක් රැස් කර ගෙන සිටියදි සිය ඉණිම අත්හිටවූවා.

ඒ අනුව ඔවුන් ශ්‍රි ලංකාවට වඩා ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 405ක්.

------------------------

කෝලී වාර්තා පොත් අලුත් කරමින් ඉන්දීය ඉනිම ප්‍රබල ඉලක්කයකට ගෙන යයි (26-11-2017 12:41)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව සිටිනවා.

අද (26) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුළු 3ක් දැවී ලකුණු 404ක් ලබා සිටියා.

ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 205ට පිළිතුරු වශයෙන්.

විරාත් කෝලි අද වාර්තා කළේ සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 19 වැනි ශතකයයි. කෝලි මෙම වසරේ වාර්තා කළ දසවැනි ශතකය ද මෙය වනවා. වසරක් තුළ වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක‍්‍රීඩකයා ලෙසද විරාත් කෝලි මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණා. 

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් චෙටෙෂ්වර් පුජාරා ලකුණු 143ක් සහ මුරලි විජේ ලකුණු 128ක් රැස්කළා.

පන්දු යැවීමේදී ළහිරු ගමගේ රංගන හේරත් සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. නාග්පූර්හි පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.

(මේ සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)