Thursday, May 9, 2024

General line - 0115112241

Facebook ජාවාරම් කරුවන්ට වෙන්න යනදේ මෙන්න




එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත ලබා ගැනීමට පැවති ජනමත විචාරණයේදී රුසියාව ෆේස් බුක් ඔස්සේ ජනමතයට බලපෑම් කර ඇතැයි එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ පුළුල් කරන බව ෆේස් බුක් සමාගම පවසනවා.

මේ සම්බන්ධයෙන් අදාල නීතීඥයා දැනුවත් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

ෆේස් බුක්හි පලවන අසත්‍ය පුවත් සහ ඒ මගින් කෙරෙන වංචා දූෂණ වැලැක්වීම සම්බන්ධයෙන් පවතිනවාට වඩා ආරක්ෂක විධි විධාන යෙදීම කෙරෙහිද ෆේස්බුක් සමාගමේ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දේන්නේ.