Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසෙයින්ගෙන් විශේෂ ප්‍රකාශයක්

වසන්ත පිවිතුරු




ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු 2ක් සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමට නියමිත බව ජගත් මානව හිමිකම් කවුන්සිලය පනවසනවා.

එම කරුණු සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ද නියමිත බවයි එම කවුන්සිලය පෙන්වා දී ඇත්තේ.

කවුසිලයේ 37 වන සැසිවාරය ලබන 26 වනදා  ජිනිවාහිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අදාළ විවාදය ලබන මාර්තු 16 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වෙනස් කම් හා වත්මන් තත්ත්වයන් පිළිබඳව 16 වනදා විවාදයට ගැනීමට නියමිත ඇති  බව සඳහන්.

එමෙන්ම 21 වනදා පැවැත්වෙන විවාදයේ දී මානව හිමිකම් කවුන්සිලය විසින් ලබාදුන් තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාර හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමට නියමිතයි.

ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින් විසින් ඒ පිළිබඳව වාචික පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවයි ජගත් මානව හිමිකම් කවුසිලය පවසන්නේ.

ජගත් මානව හිමිකම් කවුන්සිලය විසන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වර්ධනය කිරිම හා සිදුවූ බවට කියන මානව හිමිකම් කඩවීම් නිවැරදි කර ගැනීම සඳහා මෙන්ම වගවීමේ ක්‍රියාවලීය ශක්තිමත් කිරිම වෙනුවෙන් වසර 2ක් කාලයක් ලබාදී තිබුණා.

මේවන විට ඉන් වසරක් ගතවී ඇති බැවින් මෙම ප්‍රගති සමාලෝචනය සිදුකිරිමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ පරිදි සංහිඳියාව හා වගවීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉටුකර නොමැති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

මේ අතර ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ශ්‍රී ලංකා රජයට තවත් බලපෑම් එල්ලකරනු ඇති බවත් විහ්ලේශකයන් පෙන්වා දී ඇත්තේ.

සැසිවාරය අවසානයේ දී ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින් කුමරු විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.