Friday, April 26, 2024

General line - 0115112241

රුසියානුවන් පිටුවහල් කරනවාට ඇමරිකාවේ සහය

පවිත්‍රා මදුහර්ෂණි




රුසියානුවන් 23 දෙනෙකු පිටුවහල් කිරිමට බි‍්‍රතාන්‍ය ගත් තීරණයට සහය පළ කරන බව අමෙරිකාව පවසනවා. ඒ සඳහා සිය සමීපතම රාජ්‍යය සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි අමෙරිකාව වැඩිදුරටත් පවසන්නේ.

බි‍්‍රතාන්‍යයේ රැඳී සිටි රුසියාවේ හිටපු රහස් ඔත්තුකරුවෙකුට හා ඔහුගේ දියණියට පසුගියදා මාරාන්තික රසායනික ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් බි‍්‍රතානය ඇතුළු පාර්ශව රැසක් චෝදනා එල්ල කළේ රුසියාවටයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රුසියාව අපොහොසත් හේතුවෙන් ඊට ප‍්‍රතිචාර දක්වා රට තුළ සිටින රුසියානුවන් 23 දෙනෙකු පිටුවහල් කිරිමටයි බි‍්‍රතාන්‍ය තීරණය කළා. කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා රුසියාව තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.