Thursday, May 9, 2024

General line - 0115112241

පොදුරදමඩුලූ කී‍්‍රඩා උළෙල සාර්ථකව අවසන් - රටවල් 71ක් අතරින් ශී‍්‍ර ලංකාවට 31 වන තැන (UPDATE)

කසුන් කැළුම් - ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් සිට




ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කෝස්ට් නුවර දින 12 ක් පුරා පැවති 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල අද (15) නිමාවට පත් වුණා. එ් විචිත‍්‍රවත් සමාප්ති උළෙලකින්. මෙවර ශී‍්‍ර ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගැනීමට සමත් වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනා ගනිමින්. බර ඉසිලීමේ තරග ඉසව්වට එක් වූ ඉන්දික දිසානායක ශී‍්‍ර ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් අතර දිනූෂා ගෝමස් සහ චතුරංග ලක්මාල් ද බර ඉසිලීම ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දුන්නා.

මෙවර කී‍්‍රඩා උළෙලේදී බොක්සිං තරග ඉසව්වෙන් ශී‍්‍ර ලංකාව වැඩි දස්කම් දැක් වූ අතර අනූෂා කොඩිතුවක්කු කාන්තා බොක්සිං ඉසව්වෙන් ඉතිහාස ගත පදක්කමක් හිමිකර දෙන්නට සමත්වීම විශේෂයෙන් සදහන් කළ යුතුයි. අනූෂා කොඩිතුවක්කු කාන්තා බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ පොදුරාජ්‍ය මණ්ඩලයී්‍ය කී‍්‍රඩා උළෙල ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව දිනූ පළමු කාන්තා බොක්සිං පදක්කමේ හිමිකාරිය බවට පත්වෙමින්. තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර බොක්සිං වළලල්ලේදී කැපී පෙනන දක්ෂතා දක්වමින් මෙවර ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වුණා. එ් ශී‍්‍ර ලංකා පදක්කම් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ දමමින්. වසර 68කට පසුව පොදුරාජ්‍ය රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලෙකදී ශී‍්‍ර ලංකාව බොක්සිං ඉසව්වෙන් පදක්කම් දිනා ගැනීමට මෙවර සමත් වීමද විශේෂත්වයක්.

පදක්කම් 845ක් සදහා මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 6600ත් තරග වැදුණා. සත්කාරක ඔස්ටේ‍්‍රලියාව මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලෙ නිමාවට පත් වන විට පෙරමුණ ගත්තේ රන් පදක්කම් 80ක්, රිදී පදක්කම් 59ක් සහ ලෝකඩ පදක්කම් 59ක් දිනා ගනිමින්. එංගලන්තය රන් පදක්කම් 45ක් රිදී පදක්කම් 45 ක් සහ ලෝකඩ පදක්කම් 46ක් දිනා ගනිමින් පදක්කම් සටහටන් දෙවන ස්ථානය දිනා ගත්තා.
ඉන්දියාව පදක්කම් සටහනේ තුන්වන ස්ථානයට හිමිකම් කීවේ රන් පදක්කම් 20ක් දිනා ගනිමින්. පදක්කම් 6ක් දිනූ ශී‍්‍ර ලංකාව රටවල් 71ක් අතරින් පදක්කම් සටහනේ 31 වන ස්ථානය දිනා ගත්තා.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙළ සත්කාරකත්වය දැරූ ඔස්ටේ‍්‍රලියාව එය මැනවින් සංවිධාන කර තිබීම කාගේත් පැසසුමට ලක් වූ අතර මාධ්‍යවේදීන් සදහා ලබාදුන් පහසුකමක්ද ඉහළ මට්ටමක පැවතියා. සමාප්ති උළෙල විචිත‍්‍රවත් අංග වලින් හැඩ වූ අතර 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල මෙවර නිමාවට පත් වුණේ මතකයන් රැසක් ඉතිරි කරමින්. මීළග 22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල එංගලන්තයේ බර්මිංහැම් හිදි පැවැත්වීමට නියමිතයි.

 

 

...........................................................................................................................................................

කාන්තා මැරතන් ඉසව්වෙන් හිරුණිට හිමි ස්ථානය මෙන්න  (15-04-2018 07:10)

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ  කාන්තා සහ පිරිමි මැරතන් ධාවන ඉසව් අද (15) උදෑසන ගෝල්ඞ්කෝස්ට් නුවරදී පැවැත්වුණා. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් එක්ව සිටි මෙම තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් හිරුණි විජේරත්න කාන්තා මැරතන් ධාවන ඉසව්ව එක්ව සිටියා.

ඇයට එම ඉසව්වේදී හිමි වූයේ 11 වන ස්ථානයයි. තරග නිමි කාලය පැය දෙකයි විනාඩි 49 යි තත්පර 38 ක්. එම ඉසව්වේ රන් පදක්කම නැමීබියාවේ හෙලාලා ජොහැන්නස් විසින් දිනා ගත් අතර රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගත්තේ සත්කාරක ඔස්ටේ‍්‍රලියාව නියෝජනය කළ කී‍්‍රඩිකාවන් දෙදෙනෙක්. 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල අද (15)  රාත්‍රී යේ පැවැත්වීමට නියමිතයි.

----------------------

අද පැවැති ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් - පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙවර (14-04-2018 11:00)

21 වන පොදුරාජ්‍ය මණඩලයීය කී‍්‍රඩා උළලේ තරග ඉසව් පැවැත්වෙන අවසන් දිනය අදයි. පිරිමි මීටර් සියය හතර සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයද අද (14) පැවති අතර ඊට හිමාෂ ඒෂාන් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා සහාය දිවීමේ කණ්ඩායමද එක්ව සිටියා. 

එහිදී ශී‍්‍ර ලංකාවට හිමි වූයේ 06 වැනි ස්ථානයයි. කෙසේ වෙතත් මීටර් 100X4 පිරිමි සහය දිවීම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද බිහි වුණා. 

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේ රග්බි තරග අද ආරම්භ වූ අතර ශී‍්‍ර ලංකාව එහිදී ෆිජි රාජ්‍ය සමගින් තරග වැදුණා. එහිදී 63 ට 5ක් ලෙස තරගය ජය ගත්තේ ෆිජි රාජ්‍යයි.

මේ අතර ශී‍්‍ර ලංකාව මේ වනවිට දිනා සිටින මුලූ පදක්කම් සංඛ්‍යාව 6ක්. බර ඉසිලීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් වූ ශී‍්‍ර ලංකාව බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමටද සමත් වුණා.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළලකදී ශී‍්‍ර ලංකාවට බොක්සිං ඉසව්වෙන් පදක්කම් හිමි වූයේද වසර 68කට පසුවයි. 

------------------------------------------

ශ‍්‍රී ලංකා මීටර් සියය හතර සහාය දිවීමේ කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (UPDATE)

(14-04-2018 05:54)

 

 

ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නුවර පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළලේ අද (14) තරග පැවැත්වෙන 10 වන දිනයයි. 

හිමාෂා ඒශාන් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා මීටර් සියය හතර සහාය දිවීමේ කණ්ඩායම සහභාගි වන අවසන් තරගයද අද පැවැත්වෙනවා.

එම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.40 ට පමණ ආරම්භ වීමට නියමිතයි.

සම්පත් රණසිංහ සහභාගි වන හෙල්ල විසිකීරීමේ අවසන් තරගය ද අද පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට ශ‍්‍රී ලංකාව මෙවර පොදුරාජ්‍ය මන්ඩලයීය ක‍්‍රීඩා උළලෛ්දී පදක්කම් 6 ක් දිනා ගැනීමට සමත්ව සිටිනවා. 
 

---------------------------------------------

මින්නේරියේ ඉෂාන්ගේ ප්‍රහාර හමුවේ ඉන්දීය ක්‍රීඩකයා අැද වැටෙයි - තවත් ලෝකඩ පදක්කමක් ලංකාවට (UPDATE)

(13-04-2018 13:08)

 

කිලෝග්‍රෑම් 52 බර පන්තියේ අවසන් පූර්ව තරගය පරාජයට පත් වුවද ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඉෂාන් බණ්ඩාර අද (13) සමත් වුණා. මෙම තරගයේදී පළමු වටයේදී ඉෂාන් බණ්ඩාර එල්ල කළ පහරවල් දෙකකින් ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි බොක්සිං වලල්ලේදී ඇද වැටුණු අතර බොහෝ දෙනා සිතුවේ ඉෂාන් බණ්ඩාර මෙම තරගය ජය ගනු ඇති කියායි. 

කෙසේ වෙතත් යළි තරගයට අවතීර්ණ වූ ඉන්දීය ක්‍රීඩකයා අවසන් වටයේදී පහරවල් කිහිපයක් එල්ල කරමින් එම තරගය ජය ගත්තේ අවසන් තරගයට සුදුසුකම් ලබමින්. එ් අනුව ශ්‍රී ලංකාව මේ වන විට බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 3ක් දිනා ගත් අතර ශ්‍රී ලංකාව මේ වන විට 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් 6ක් දිනා ගැනීමට සමත්ව සිටිනවා.

.................................................................................................................................................

තිවංක රණසිංහ බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් (UPDATE) (13-04-2018 09:03)

තිවංක රණසිංහ 46-49  kg බර පන්තියේ ලෝකඩ පදක්කම අද දිනාගත්තා. එංගලන්තයේ ක්‍රීඩක ගලාල් යෆායි හමුවේ තිවංක පරාජයට පත් වූ අතර තිවංක මෙම තරගය ජය ගත්තේ නම් ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබන අතර ඔහු පරාජය වීම හේතුවෙන් ලෝකඩ පදක්කම හිමි වුනා

......................................................................................................................................................

මීටර් 100x4 පිරිම් සහාය දිවීමේ අවසන් තරගයට ශ්‍රී ලංකා පිල සුදුසුකම් ලබයි (UPDATE) (13-04-2018 07:17)

වසර 68 කට පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මීටර් 100 x 4 සහාය දිවීමේ තරග ඉසව්ව නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායම  අද (13) පැවැති මූලික වටයේ තරගයේදී 3 වන ස්ථානය හිමිකර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

........................................................................................................................................................

තවත් බොක්සිංක් පදක්කම් දෙකක් වෙනුවෙන් තිවංක සහ ඉෂාන් අද සටනේ (UPDATE) (13-04-2018 05:27)

ශී‍්‍ර ලංකා බොක්සිං පදක්කම් බලාපොරොත්තු දෙකක් අද (13) ගෝල්ඞ්කෝස්ට් නුවර බොක්සිං වලල්ලේ දී තරග බිමට පිවිසෙනවා. තිවංක රණසිංහ සහභාගි වන කිලෝග‍්‍රෑම් 46 - 49 බර පන්තියේ අවසන් පූර්ව තරගය සහ ඉෂාන් බණ්ඩාර සහභාගි වන කිලෝග‍්‍රෑම් 52 බර පන්තියේ අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතයි. 

තිවංක සමගින් අද තරග වදින්නේ එංගලන්තයේ ගලාල් යෆායි තරග වදින අතර එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 08.30ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය කී‍්‍රඩක ගෞරව් සොලන්කි , ඉෂාන් බණ්ඩාරගේ ප‍්‍රතිවාදියා වන අතර එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 9ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 
තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර අද පැවැත්වෙන තරග ජය ගතහොත් රන් පදක්කම සදහා තරග වැදීමට අවසන් තරගයට සුදුසුකම් ලබන අතර පරාජයට පත්වුවහොත් ඔවුන් එම බර පන්තිවල ලෝකඩ පදක්කම් හිමිවනු ඇති.
 
එ්  අනුව ශී‍්‍ර ලංකාව මේ වන විට බොක්සිං ඉසව්වෙන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී පදක්කම් 3ක් දිනා අවසන්. අනූෂා කොඩිතුවක්කුද කිලෝග‍්‍රෑම් 45 - 48 බර පන්තියේ ලෝකඩ පදක්කමක් ශී‍්‍ර ලංකාවට දිනා දෙන්නට සමත් වුණා. ජාත්‍යන්තර බොක්සිං තරග ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව දැක් වූ ඉහළම දක්ෂතාව මෙය ලෙසටයි සැලකෙන්නේ.  


 

 

 

......................................................................................................................................

ධාවන පිටියට පිවිසි ගයන්තිකා සහ නිමාලිට ලැබුණු ප්‍රතිපළ (UPDATE) (12-04-2018 12:45)

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේ මලළ කී‍්‍රඩා ඉසව් කිහිපයක මූලික තරග අද (12) උදෑසන කරාරා කී‍්‍රඩාංණයේදී පැවැතිවුණා.

ශී‍්‍ර ලංකාව නියෝජනය කරන නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න සහභාගි වූ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මුලික වටයේ තරගද අද උදෑසන පැවැත් වුණා. ආසියානු රිදී පදක්කම් ලාභිනී ගයන්තිකා අබේරත්න සහභාගි වූ මූලික වටයේ තරගය මුලින්ම පැවති අතර ඇය එහිදී තරග වැදුනේ 8 වන මංතීරුවෙන්.

එම තරගය විනාඩි එකයි තත්පර 59.29කින් නිම කළ දකුණු අපි‍්‍රකාවේ කැස්ටර් සෙමන්යා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ශී‍්‍ර ලංකාව නියෝජනය කළ ගයන්තිකා අබේරත්නට හිමි වූයේ 8 වන ස්ථානයයි. ඇය දැක් වු දක්ෂතාව විනාඩි 2 යි තතරප 4.72ක්.

එම තරගයෙන් අනතුරුව ආසියානු රන් පදක්කම්ලාභීනී නිමාලි ලියනආරච්චි සහභාගි වූ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ 3 වන මූලික තරගය ආරම්භ වුණා.

එම තරගයේදී නිමාලි ලියනආරච්චිට හිමි වූයේ 7 වන ස්ථානයයි. ඇය විනාඩි 02 යි තත්පර 08.52ක දක්ෂතාවක් වාර්තා කළා.

මෙවැනි ජාත්‍යන්තර තරග අත්දැකීම් ලැබෙන්නේ නම් මීට වඩා දක්ෂතා දැක්වීමට හැකියාව තිබෙන බවයි නිමාලි නෙත් ස්පෝර්ට්ස්ම් සමගින් ප‍්‍රකාශ කළේ.

තම පුහුණුකරු සිටියා නම් තමන්ට මීට වටා දක්ෂතාවක් වාර්තා කිරීමට හැකියාව තිබෙන බවයි ඇය එහිදී කියා සිටියේ. ශ්‍රී ලංකා මලළ ක්‍රීඩා කණ්ඩායම කල් වේලා ඇතිව ගෝල්ඩ්කෝස්ට් නුවරට පැමිණි බවත් එහෙත් තමන්ගේ පුහුුණුකරු නොමැති වීම නිසා තමන් පමා වී ආ බවත් ඇය නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් කියා සිටියා.

-----------------------------

ගයන්තිකා සහ නිමාලි අද ධාවන පිටියට (UPDATE)

(12-04-2018 06:38)

 

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මුලික වටයේ තරග සඳහා ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනාරච්චි අද (12) එක් වනවා.

එම තරග ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ උදෑසන 7.50 ටයි. 

මේ අතර ඊයේ පැවති කාන්තා හෙල්ල විසි කිරීමේ අවසන් තරගයට එක් වූ දිල්හානි ලේකම්ගේට හිමි වූයේ පස්වන ස්ථානයයි. ඇය දැක් වූ දක්ෂතාව මීටර් 52.02ක්.

 

 

---------------------------------

රෝද පුටුවක නැගී ඉවත්ව ගිය ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුව  (PHOTOS) (UPDATE)

(11-04-2018 19:10)

 

බොක්සිං කිලෝ ග‍්‍රෑම් 51 කාන්තා ඉසව්වේ තවත් ශ‍්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් වූ දුලානි ජයසිංහ අද අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑවා. ඒ, බොක්සිං වළල්ල මැදදී හදිසියේ ආබාධයකට ලක්වීම හේතුවෙන්. 

තරගයේ ආරම්භයේදී කරට කර සටනක නියැළෙමින් සිටි ශ‍්‍රී ලංකා කී‍්‍රීඩිකාව කෙන්යානු කී‍්‍රීඩිකාව එල්ල කළ පහරක් වලක්වන්නට යාමේදී බිම ඇද වැටුණු බවයි එහි සිටින නෙත් ස්පෝර්ට්ස්මන් පැවසුවේ. එහිදී ඇතිවූ ආබාධයත් සමග අවස්ථා දෙකකදී දුලානි වලල්ල මැද ඇද වැටුණා. දෙවන වරටත් ඇද වැටීමෙන් පසු ඇයට තනිවම සිිටගැනීමට තරම් හැකියාවක් නොවූ හෙයින් තරගයේ ජය කෙන්යානු ක‍්‍රීඩිකාවට ලබා දීමට ප‍්‍රධාන විනිසුරු කටයුතු කළා.

අනතුරුව ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකාව බොක්සිං වළල්ලෙන් ඉවතට රැගෙන ගියේ රෝද පුටුවක ආධාරයෙන්. 

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සහභාගි වූ කැමරුන් රාජ්‍ය නියෝජනය කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනෙකු අතුරුදන්ව ඇතැයි අද වාර්තා වුණා.
 

-----------------------------------------

ශ්‍රී ලංකාව තවත් පදක්කමක් අභියසට

11-04-2018 10:10

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලළේ තවත් බොක්සිං පදක්කමක් තහවුරු කර ගන්නට බණ්ඩාර විදානගේ අද (11) සමත් වුනා. ඒ කිලෝග්‍රෑම් 52 බර පන්තියෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්. ලෙසතෝ ක්‍රීඩකයෙකු පරාජය කරමින් ඔහු ඊට සුදුසුකම් ලැබුවා.

---------------------------

තරගය අවසන් - අනුෂා ඉතිහාස ගත වෙයි (11-04-2018 08:10)

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු 21 වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකර දී තිබෙනවා. ඒ ඇය සහභාගී වූ කිලෝග්‍රෑම් 45 - 49 බර පන්තියේ බොක්සිං තරගය නියෝජනය කරමින් අද (11) පැවති තරගයෙන්.

ලෝක බොක්සිං ශුරිය වන ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සහ අනූෂා කොඩිතුවක්කු අතර‍ පැවති  අවසන් පූර්ව තරගයේ දී මේරි කොම් අවසන් වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාත්තා බොක්සිං ක්‍රීඩිකාවක් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලෙක දී ලබාගත් ප්‍රථම පදක්කම ලෙස මෙය ඉතිහාසයට එක්වනවා. මෙරට බොක්සිං ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකාවට 1950 වර්ෂයේ දී රිදි පදක්කමක් හිමිව තිබෙනවා. ඒ බොක්සිං ක්‍රීඩක ඇල්බඩ් ප්‍රනාන්දු ක්‍රීඩකයාගෙන්.

ශ්‍රී ලංකාව මීට වසර 80කට පෙර රන් පදක්කමක් අභියසට ගොස් සිටි බවද සඳහන්.

------------------

අනුෂා හා කොම් අතර සටන ඇරඹේ (11-04-2018 07:40)

ලෝක බොක්සිං ශුරිය වන ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සහ අනූෂා කොඩිතුවක්කු අතර කිලෝග්‍රෑම් 45 - 49 බර පන්තියේ බොක්සිං අවසන් පූර්ව තරගය මේවන විට ආරම්භ වී තිබෙනවා.
කාගේත් වැඩි අවධානයක් දිනා ගත් මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (11) උදෑසන 7.30 ට පමණ ආරම්භ වූණා. එහි මූලික වට දෙකක් මේවන විට අවසන් වී ඇති බව සඳහන්.

 වසර 80ට පසු ශ්‍රී ලංකාව රන් පදක්කමක අභියස...අනූෂා කොඩිතුවක්කු - මේරි කොම් ගැටේ (11-04-2018 06:00)

21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අනූෂා කොඩිතුවක්කු සහභාගි වන කිලෝග්‍රෑම් 45 - 49 බර පන්තියේ අවසන් පූර්ව තරගය අද (11) පැවැත්වෙනවා. ඒ, ගෝල්ඩ් කෝස්ට් නුවර බොක්සිං වළලල්ලේදීයි. ලෝක බොක්සිං ශුරිය වන ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සමග අනූෂා කොඩිතුවක්කු එහිදී තරග වැදීමට නියමිතව තිබෙනවා. කාගේත් වැඩි අවධානයක් දිනා ගත් මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7.30 ට පමණ ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ශ්‍රී ලංකාවට මෙම බොක්සිං ඉසව්වේදී පදක්කමක් හිමිවනු ඇති.
 
මේරි කොම් සමග පැවැත්වෙන මෙම තරගය පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක්වූ අනුෂා කොඩිතුවක්කු කියා සිටියේ මෙහිදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකර දීම තම අපේක්ෂාව බවයි. ලොව සිටින හොඳම ක්‍රීඩිකාව සමග තමන්ට අද දින තරග කිරිමට අවස්ථාව ඇති අතර ඒ සඳහා තමන් අවශ්‍ය පුහුණුව සාර්ථකව ලබාගෙන ඇති බවද ඇය සඳහන් කළා.

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී අවසන් වරට බොක්සිං ඉසව්වෙන් පදක්කමක් හිමිකර ගත්තේ 1950 වසරේදයි. එතැන් සිට මේ දක්වා බොක්සිං ඉසව්වෙන් කිසිදු පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නැහැ ඒ අනුව වසර 68කට පසු ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලෙ බොක්සිං ඉසව්වෙන් පදක්කමක් හිමිකර ගැනීමට අවකාශ ලැබී තිබෙනවා. 

මේරි කොම් සමග පැවැත්වෙන මෙම තරගයේ සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ පුහුණූකරු ටී බී හර්ෂ කුමාර නෙත් ස්පෝර්ට්ස්මන් වෙත මෙලෙස අදහස් පළ කළා. අදාළ ක්‍රීඩිකාව සමග තරග වැදීම සඳහා අනූෂා කොඩිතුවක්කුට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි ඔහු කියා සිටියේ. එම ක්‍රීඩිකාව අංග චලන තරග බිමේ දී ඇති කරන අතර ඊට මුහුණදීම සඳහා අවශ්‍ය පුහුණුවීම් අනුෂාට ලබාදී ඇති බවද ඔහු පැවසුවා.
 

-------------------------------

ප්‍රතිවාදියාගේ දරුණු ප්‍රහාර මැද්දේ 'තිවංක' අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි (10-04-2018 09:20)

 

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක තිවංක රණසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියෙන්. අර්ධ අවසන් පූර්ව වටයේදී වට 5ට බින්දුවක් ලෙස වනාටු රාජ්‍යයේ  Namry Berry පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව තරගයේ දී පරාජය වුවද තිවංකට පදක්කමක් හිමිවනු ඇති. අවසන් පූර්ව තරගය අප්‍රේල් 13 වැනි සිකුරාදා  ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 8.32 ට පැවත්වීමට නියමිතයි.

<

-------------------- 

රුමේෂිකා රත්නායක මීටර් 200 අවසන් පූර්ව වටයට

(10-04-2018 08:40)

 

රුමේෂිකා රත්නායක මීටර් 200 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා. අද (10) පැවති මීටර් 200 කාන්තා ඉසව්වේ මූලික වටයේදී දෙවන ස්ථානය දිනා ගනිමින් ඇය ඊට සුදුසුකම් ලබා ගත්තා. තරග නිමි කාලය 23.43 ක්.

---------------------

රුමේෂිකාත් අද තරග බිමේ - ශී‍්‍ර ලංකාව සහභාගි වන බොක්සිං අර්ධ අවසන් තරග 3කුත් අද

(10-04-2018 06:05)

 

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ තරග ඉසව් කිහිපයක් සඳහා ශී‍්‍ර ලාංකික කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් අද (10) සහභාගි වනවා. ජානක ප‍්‍රසාද් විමලසිරි සහභාගි වන පිරිමි දුර පැනීමේ මූලික වටයේ තරග ඉසව්ව තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

රුමේෂිකා රත්නායක සහභාගි වන මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 8.18ට ආරම්භ වනවා.

මේ අතර බොක්සිං ඉසව්වේ අවසන් පූර්ව තරග 3ක් සදහා ශී‍්‍ර ලංකාව අද සහභාගි විමට නියමිතව තිබෙනවා. කිලෝග‍්‍රෑම් 44 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරගයට දිනිදු සපරමාදු නැමීබියානු ක‍්‍රීඩකයෙකුට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේදී අද තරග වදිනවා.

කිලෝග‍්‍රෑම් 46 - 49 බර පන්තියේ තිවංක රණසිංහ වනාටු රාජ්‍යයේ කී‍්‍රඩකයෙකුට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වදින අතර කේෂානි හංසිකා කිලෝග‍්‍රෑම් 57 බර පන්තියෙන් නවසීලන්ත කී‍්‍රඩිකාවක එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතයි.

නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න සහභාගී වන බැඞ්මින්ටන් මූලික වටයේ තරගද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

------------------

පොදුරදමඩුලූ කී‍්‍රඩා උළෙලේ වේගවත්ම ක‍්‍රීඩකයා දකුණු අපි‍්‍රකාවෙන් - කෙටිදුර ධාවන තරග බිමේ ජැමෙයිකානු ආධිපත්‍ය ගිලිහෙයි

(09-04-2018 20:20)

 

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් මීටර් සියය කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වල අවසන් තරග අද (09) පස්වරුවේ කරාරා කී‍්‍රඩාංගණය්දී පැවැත්වුණා. එ් 35,000 කට අධික පේ‍්‍රක්ෂකයින් පිරිසක් ඉදිරියේයි. 
 
මීටර් සියය කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය මුලින්ම පැවති අතර  තත්පර  11:14 කින් තරගය නිම කළ ටි‍්‍රනිඩෑඞ් හා ටොබැගෝ රාජ්‍යයේ මිචෙලී එහි රන් පදක්කම දිනා ගනිමින් මෙවර පොදුරාජ්‍ය  මණ්ඩලයී්‍ය කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩිකාව ලෙස අභිෂේක ලැබුවා. රිදී පදක්කම ජැමෙයිකාවේ කි‍්‍රස්ටානියා විලියම්ස්  විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ ජැමෙයිකාවේම ගෙයොන් එවන්ස්.

ඉන් අනනතුරුව පැවැත්වුණේ මීටර් මීටර් සියය පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයයි. එම ඉසව්වට ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවන ශූර යොහාන් බ්ලේක්ද එක්ව සිටි අතර ඔහුට එහිදී හිමි වුයේ ලෝකඩ පදක්කමයි. මීටර් සියය ධාවන ඉසවවේ රන් සහ රිදී පදක්කම දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයින් දෙපළක් විසින් දිනා ගැනීමට සමත් වුණා. රන් පදක්කම දිනූ දකුණු අපි‍්‍රකාවේ අකානි සිම්බිනේ තත්පර 10:03ක දක්ෂතාවක් වාර්තා කරමින් මෙවර කි‍්‍රඩා උළෙලේ වේගවත්ම කි‍්‍රඩකයා ලෙස අභීෂේක ලැබුවා.

මේ අතර ශී‍්‍ර ලංකාව නියෝජනය කරන රුමේෂිකා රත්නායක හෙට දිනයේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට එක් වනවා. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 8:8ට ආරම්භ වීමට නියමිතයි.

 

 

 

 

..........................................................................................................................

මංජුල උස පැනීමේ අවසන් තරගයට (UPDATE) (09-04-2018 08:08)

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ අද (09) උදැසන පළමුවෙන්ම ආරම්භ වූයේ පිරිමි උස පැනීම ඉසව්වයි. ඊට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක් වූ මංජුල කුමාර මූලික වටයේදී මීටර් 2 .2 1 ක දක්ෂතාවක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මංජුල කුමාර සහහභාගි වන අවසන් තරගය ලබන බදාදා (11) පැවැත්වීමට නියමිතයි. මංජුල කුමාර මෙම තරග ඉසව්වට එක් වුණේ සිය පාදයේ ආබාධයද නොතකමින්.

මේ අතර මැතිව් අබේසිංහ මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකටද අද (09) එක් වුණා. එහිදී තත්පර 22.65ක දක්ෂතාවක් වාර්තා කරමින් මැතිව් අබේසිංහ එම ඉසව්වේ සිවුවන ස්ථානය දිනා ගත්තේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිමින්.

ශී‍්‍ර ලංකාව මේ වන විට එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් සමගින් පදක්කම් සටහනේ 16 වන ස්ථානයේ පසුවනවා.

--------------------------

මිහිලියාගෙන් පළග ශූරතාව ගිලිහෙයි  

 

පළග ශූරතාව සඳහා අද (08) පැවැති කාන්තා ස්කොෂ් තරගයේදී මිහිලියා මෙත්සරණි බාබඩෝස් ක‍්‍රීඩිකා ටීගන් බෙස්ට් හමුවේ තරග වට 3-1 කින් පරාජයට පත් වුණා. කි‍්‍රඩිකාවන් 64 දෙනෙකු තරග වැදුණු මෙම ඉසව්වේ මිහිලියා මෙත්සරණි 18 වන ස්ථානය දිනා ගැනීමට සමත්වීම කැපී පෙනුනා.

මිහිලියා දැක් වූ මෙම දක්ෂතාව සටහන් වූයේ ශ‍්‍රී ලංකා ස්කොෂ් ක‍්‍රීඩිකාවක් ජාත්‍යන්තර තරගයකදී දක්වන ලද ඉහළම දක්ෂතාව ලෙසයි.

.............................................................................................................................................................

දිනිදු බොක්සිං අර්ධ අවසන් පූර්ව  වටයට 

(08-04-2018 16:05)

 

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ කිලෝග‍්‍රෑම් 64 බර පන්තියෙන් පිරිමි බොක්සිං ඉසව්වෙන් දිනිදු සපරමාදු අර්ධ අවසන් වටයට  සුදුසුකම් ලබා ගැනීමට අද (08) පස්වරුවේ සමත් වුණා. එ් නවසීලන්ත කී‍්‍රඩකයෙකු පරාජය කරමින්. 

දිනිදු  සපරමාදු සහභාගි වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ලබන  10  වැනිදා පැවැත්වීමට නියමිතයි. නැමීබියානු කී‍්‍රඩකයෙකුට එරෙහිව දිනිදු සපරමාදු එහිදී තරග වැදීමට නියමිතයි.

.....................................................................................................................................................................................

බොක්සිං ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට පදක්කමක් - අනූෂා මේරි කොම් සමග සටනක - මගේ අම්මා තවමත් බෝධිය ළඟ වැඳගෙන (VIDEO) (UPDATE)

(08-04-2018 11:40)

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ අද (08) උදෑසන පැවති තරග ඉසව්වලින් කාගෙත් වැඩි අවධානයක් යොමු වූයේ බෝක්සිං තරග ඉසව් සඳහායි. ශී‍්‍ර ලංකාව නියෝජනය කළ අනූෂා කොඩිතුවක්කු සහභාගි වූ  කිලෝග‍්‍රෑම් 45-49 බර පන්තියේ කාන්තා බොක්සිං අර්ධ අවසන් පූර්ව තරගයද ගෝල්ඞ්කෝස්ට් නුවර බොක්සිං වලල්ලේදී අද (08) පැවැත්වුණා. 21 හැවිරිදි කේමන් කී‍්‍රඩිකාවක් අනූෂාගේ ප‍්‍රතිවාදියා වූ අතර තරගය නැරඹීමට පේ‍්‍රක්ෂකයින් රැසක් පැමිණ සිටියා.

ආරම්භයේදීම තරගයේ පාලනය සියතට ගත් 39 හැවිරිදි අනූෂා කොඩිතුවක්කු කේමන් කී‍්‍රඩිකාවට පහර පිට පහර එල්ල කළේ පළමු වටය ඉතා පහසුවෙන් ජය ගනිමින්.

මෙම තරගය ජයගත්  අනූෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත් අතර ඒ අනුව එම ඉසව්වෙන් මේ වන විටත් ශී‍්‍ර ලංකාවට පදකක්මක් හිමි වී අවසන්. ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලක බොක්සිං කාන්තා ඉසව්වකින් ශී‍්‍ර ලංකාවට පදක්කමක් හිමිවන පලමු අවස්ථාව මෙය ලෙස ඉතිහාස ගත වනු ඇති.

කිලෝග‍්‍රෑම් 45-49 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී අනූෂා කොඩිතුවක්කගේ ප‍්‍රතිවාදියා වන්නේ බොක්සිං ලෝක ශූරිය වන ඉන්දීය කී‍්‍රඩිකා මේරි කොම්. එම තරගය ලබන 11 වැනිදා උදෑසන පැවැත්වීමට නියමිතයි.

---------------------------

අනුෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටයට

(08-04-2018 08:00)

 

ශ්‍රී ලංකා බොක්සිං ශූරී අනූෂා කොඩිතුවක්කු කිලෝග‍්‍රෑම් 47, 49 බර පන්තියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මීට සුලු මොහොතකට පෙර සමත් වුනා.  ඒ කේමන් දුපත් ක්‍රිඩිකාව අර්ධ අවසන් තරගයේදී  පරාජය කරමින්.

අවසන් පූර්ව තරගයේදි ඉන්දියාවේ මේරිකොම් සමග අනූශා තරග වැදීමට නියමිතයි.

------------------

අනූෂා අද බොක්සිං තරග බිමේ - වාර්තාවක් අලුත් කරන්න අපේක්ෂාවෙන් චතුරිකා

(08-04-2018 06:10)

 

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ කිලෝග‍්‍රෑම් 75 බර පන්තියෙන් කාන්තා බර ඉසිලීමේ ඉසව්ව සදහා චතුරිකා ප‍්‍රියන්ති අද (08) සහභාගි වනවා.

සිය තරග ඉසව්ව සඳහා ඇති සූදානම පිළිබඳව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක්වූ චතුරිකා ප‍්‍රියන්ති කියා සිටියේ තමන් හොඳ පෙර සූදානමක සිටින බවයි. එමෙන්ම සාර්ථකව තරගයට මුහුණදී දැනට පවතින වාර්තාවක් අලුත් කිරිම තම අභිලාශය බවද ඇය කියා සිටියා.

මේ අතර අනූෂා කොඩිතුවක්කු කිලෝග‍්‍රෑම් 47, 49 බර පන්තිය යටතේ අද (08) තරග බිමට පිවිසෙනවා. ඒ කාන්තා බොක්සිං ඉසව්වෙන්. ඇය සහභාගි වන තරගය තව නොබෝ වේලාවකින් ආරම්භවීමට නියමිතයි.

 

..........................................................................................................................................................

 

 

මැතිව් අබේසිංහ තැබූ බලාපොරොත්තු (UPDATE)

(07-04-2018 12:10)

 

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගය පිළිබද මැතිව් අබේසිංහ තැබූ බලාපොරොත්තු අද (07) බිද වැටුණා. පළමු අවසන් පූර්ව තරයේදී 3 වන මංතීරුවෙන් තරග වැදුනු මැතිව් අබේසිංහට හිමි වූයේ සිවුවන ස්ථානයයි. තරග නිමි කාලය තත්පර 49 යි දශම 4 යි 3ක්. අවසන් පූර්ව වටය සදහා කී‍්‍රඩකයින් 16 දෙනෙකු එක් වූ අතර කාල ගණයට අනුව ඔහු එහිදී හිමි වූයේ දස වන ස්ථානයයි.

මේ අතර කාන්තා කේවල ස්කොෂ් තරග ඉසව්වේ පළග ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ මිහිලියා මෙත්සරණි අද සමත් වුණා. ඇය හමුවේ 3ට බින්දුවක් ලෙස පරාජය පත් වුණේ කෙන්යානු කී‍්‍රඩිකාවක්. ශී‍්‍ර ලංකාව මේ වන විට පදකක්ම් 3ක් සමගින් මේ වන විට පදක්කම් සටහනේ 12 වන ස්ථානයේ පසුවනවා.

 

..........................................................................................................................................................

මැතිව් අබේසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් (UPDATE)

(07-04-2018 12:10)

 

මීටර් සියය නිදහස් ආර පිහිනුම් ඉසව්වට එක් වූ මැතිව් අබේසිංහ මූලික වටයේ තරගයකින් 2 වන ස්ථානය හිමිකර ගනිමින් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට අද (07) සුදුසුකම් ලබා ගත්තා. ඒ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් ද තබමින්. තරග නිමි කාලය තත්පර 49 යි දශම 1 යි එකක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේද මැතිව් අබේසිංහයි.

මැතිව් අබේසිංහ සහභාගි වන මීටර් සියය නිදහස් ආර පිහිනුම් ඉසව්ව ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 4 යි 30ට ආරම්භ වීමට නියමිතයි.

<

-----------------

චින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයි

(07-04-2018 06:10)

 

ශී‍්‍ර ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ තැබී පදක්කම් බලාපොරොත්තුව මීට සුලූ මොහොතකට පෙර බිඳ වැටුනා. 

කිලෝග‍්‍රෑම් 77 බර පන්තියෙන් තරග වැදුනු චින්තන ගීතාල් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 132ක් එසවීමට සමත් වූ අතර ඔහු ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට පළමු උත්සහයේදී කිලෝග‍්‍රෑම් 166ක් එසවීමට  සමත්වුණා.

එහෙත් ක්ලීන් ඇන්ඞ් ජර්න් ක‍්‍රමයේ දෙවන සහ තුන් වන අවස්ථාවේ කිලෝග‍්‍රෑම් 168ක් එසවීමට උත්සහ කළ එය අසාර්ථක වීමත් සමග චින්තනගේ පදක්කම් සිහිනය බොඳ වුණා.

 

-------------------------

තිවංක බොක්සින් අර්ධ අවසන් පූර්ව වටයට

(06-04-2018 17:17)

 

කිලෝග‍්‍රෑම් 49 බර පන්තියෙන් බොක්සිං තරග සදහා එක් වූ තිවංක රණසිංහ අද (06) පැවති මූලික වටයේ පළමු තරගයේදී දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයා පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියා. ඔහු සභාගි වන කිලෝග‍්‍රෑම් 49 බර පන්තියේ බෝක්සිං තරග ඉසව්ව ලබන 10 වැනිදා පැවැත්වීමට නියමතයි.

මේ අතර කී‍්‍රඩිකාවන් 40 දෙනෙකු මූලික වටයේදී තරග වැදුනු මීටර් 50 නිදහස් ආර කාන්තා පිහිනුම් ඉසව්වේදී කාල ගණනයට අනුව ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්වූ දිල්රුක්ෂි පෙරේරාට හිමි වූයේ 25 වැනි ස්ථානයයි. එම ඉසව්වට එක් වූ විනෝලී කලූආරච්චිට කාල ගණනය අනුව හිමි වූයේ කී‍්‍රඩිකාවන් 40 දෙනා අතරින් 33 වන ස්ථානයයි. 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ ශී‍්‍ර ලංකාව මේ වන විට  පදක්කම් 3 දිනා පදක්කම් සටහනේ 12 ස්ථානයේ පසුවනවා.

 

...............................................................................

බර ඉසිලීමෙන් තවත් පදක්කමක් දිනයි  (UPDATE)

(06-04-2018 12:10)

 

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි බර ඉසිලීමේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉන්දික දිසානායක මීට සුලු මොහොතකට පෙර සමත් වුණා.

ඔහු එස වූ මුලු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 297 ක්.

කිලෝග්‍රෑම් 69 බර පත්නිය යටතේ ඔහු තරග වැදුණා.

--------------------------------------

"පදක්කමට යන්නයි උවමනාව තිබ්බේ..ඒ නිසයි උපරිම බර දැම්මේ" - චමරිගේ පදක්කම් සිහිනය බිඳවැටුණු හැටි (VIDEO)

(06-04-2018 10:11)

 

ශී‍්‍ර ලංකාව බර ඉසිලීම ඉසව්වෙන් තැබූ පදක්කම් බලාපොරොත්තුවක් අද (06) බිද වැටුනා. 

කිලෝග‍්‍රෑම් 53 බර පන්තියෙන් කාන්තා බර ඉසිලීමේ තරගයට එක් වූ චමරි වර්ණකුලසූරියට ලෝකඩ පදක්කම අහිමි වූ අතර ඇය එහිදී හිමිකර ගත්තේ එම බර පන්තියේ සිවුවන ස්ථානයයි. 

කෙසේ වෙතත් ඇය ස්නැට්ච් ක‍්‍රමයට එස වූ කිලෝග‍්‍රෑම් 78 සහ එම ඉසව්වේ එස වූ කිලෝග‍්‍රෑම් 172ක මුලූ බර ප‍්‍රමාණය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් ලෙස සටහන් වුණා.

මෙහිදී අදහස් දැක්වූ චමරි වර්ණකුලසූරිය,

"මම පුහුණුවෙලා කරලා තිබ්බේ 101යි.. මගේ පුහුණුකරු කිව්වා මම පදක්කමට යන්න නම් 105ක් කරන්න ඕනේ..කරන්න පුළුවන්ද? මොකද කරන්නේ කියලා. පදක්කමටයි උවමනාව තිබුණේ. ඒ නිසා උපරිම කරනවා කියලා හිතුවා. නමුත් පදක්කමට යන්න බැරි වුණා."