Wednesday, May 8, 2024

General line - 0115112241

කොළඹ විශාකා විදුහලට ළමුන් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතාවක් - වහා පරීක්ෂණ ඇරඹෙයි




ළමුන් ඇතුළත් කර ගැනීමේදී කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක් වන විශාකා විද්‍යාලයේ සම්මුක පරීක්ෂණ මණ්ඩලය විසින් සිදු කළායැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

වසර 2018 ට අදාළ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී සහ අනෙකුත් වසරවල් සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේදී මෙම අක්‍රමිකතා සිදුව ඇති බවයි හෙළිව ඇත්තේ.

අදාළ සම්මුක පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිත්වය දරා ඇත්තේ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනියයි. තවත් නිලධාරීන් කිහිපදෙනෙක් එහි අනෙක් සාමාජිකයන් ලෙස සිට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදු කළ මූලික විමර්ශනවලදී විශාකා විද්‍යාලයේ අනධ්‍යන සේවකයෙකු පාසලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී අවශ්‍ය කරන ලිපිලේඛනවලට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ අත්සන ද ව්‍යාජ ලෙස යොදා ඇති බවයි චෝදනා එල්ල වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරියෙකුට ස්ථාන මාරුවක්ද ලැබී තිබෙනවා.