Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය වෙනසකට එකඟ වෙයි

දිනුක් හේවාවිතාරණ




අද (17) රාත්‍රියේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකඟතා කිහිපයකට එළඹ තිබෙනවා.

මෙම රැස්වීම සඳහා පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 16යේ කණ්ඩායම ද සහභාගී වී තිබෙනවා.

පැවැති සාකච්ඡාවලදී එකඟ වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කරන්නටයි. ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාව අනුව දින 14ක් ඇතුළත දැනුම් දී නව නිලධාරී මණ්ඩලයක් පත් වෙනු ඇති බවයි nethnews.lk වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි සඳහන් කළේ.

එම පත්කිරීම් එළඹෙන ජුලි මස 03 වැනිදා සිදු කිරීමට එකඟ වී ඇති බවද සඳහන් කළ. එහිදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේද නැද්ද යන්න පිළිබඳවත් තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පැවසුවා.