Thursday, May 9, 2024

General line - 0115112241

සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයාගේ හදිසි සමුගැනීම (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




දකුණු අප්‍රිකානු සුපිරි දකුණත් පිතිකරු ඒ.බි. ඩිවිලියර්ස් තමන් සියළු ජාත්‍යන්තර ක්‍රිකටි තරගවලින් සමුගන්නා බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හරිමින් ඔහු කියා සිටියේ " තමන් ඉතා වෙහෙසට පත්ව සිටින බවයි".

ටෙස්ට් තරග 114කට ක්‍රිඩා කර ඇති ඒ.බි. ඩිවිලියර්ස් ඉණිම් 191 කදි රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 8765ක් වන අතර ඉණිමකදි රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 278ක් වනවා. ඔහුගේ ටෙස්ට් තරගවල සාමාන්‍ය 50.66ක්.

එක්දින තරග 228ක් ක්‍රිඩා කල ඩිවිලියර්ස් ඉන් ඉණිම් 218 කදි රැස් කල ලකුණු සංඛ්‍යාව 9577. එක්දින තරගයක ඉණිමක ඔහු රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව 176ක්. 

විස්සයි 20 තරග විශේෂඥයෙක් ලෙස සැලකෙන ඩිවිලියර්ස් තරග 78කට ක්‍රිඩා කර එහිදි ඉණිම් 75කදී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 1672ක් වනවා.

ඩිවිලියර් විසින් ටෙස්ට් හා එක්දින තරග වලදී ශතක 47ක් රැස්කර වාර්තා කර තිවෙනවා.

දක්ෂ පන්දු රකින්නෙක්ද වන ඒ.බි. ඩිවිලියර්ස් මෙවර අයි.පි.එල්. තරගාවලියේද පිත්තෙන් හා පන්දු රැකිමෙන් දක්ෂතා දැක්වුවා.