Thursday, May 9, 2024

General line - 0115112241

දුම්රිය වෘත්තීය සමිතියක් අකුරට වැඩ කරන්න සැරසෙයි

දිල්ශාන් තුෂාර




දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන් සහ තාක්ෂණ සහයක ශිල්පීන් හෙට (22) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය තාක්ෂණ කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්. ඩී.එස්. කමල් පිරිස් පවසනවා.

දුම්රිය තාක්ෂණ නිලධාරීන්ට සහ තාක්ෂණ සහයක ශිල්පීන්ට බලපාන ගැටලු අවස්ථා දෙකකදී දුම්රිය සේවක ගැටලු නිරාකරණය කිරීමට පත් කෙරුණු  කමිටුවට ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ලේකම් පවසනවා.

අකුරට වැඩ කිරීම හේතුවෙන් තවදුරටත් දුම්රිය අවලංගු වීම් ප්‍රමාද වීම් වැඩි විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය සේවයේ ආයතනයක් බවට පත්කොට පාලක මණ්ඩලයක් මඟින් පාලනය කිරීමට රජය ගෙන තිබෙන තීරණයට දුම්රිය වෘත්තිය සමිති දැඩි විරෝධයක් දක්වන බවද ඔහු සඳහන් කරනවා.