Friday, April 26, 2024

General line - 0115112241

රග්බි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට නැති වෙයි (UPDATE)

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




රග්බි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට නැති වෙයි 18 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි රග්බි ඉසව්වේ ශ්‍රී ලංකා පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනා ගන්නට දකුණු කොරියාව අද සමත් වුනා . දකුණු කොරියාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 36 ට 14 ක් ලෙසයි.

-------------------------------------

ශී‍්‍ර ලංකා රග්බි පිලට ඉතිහාසගත ජයක් ගිලිහෙයි - ලෝකඩ පදක්කම සදහා අද පස්වරුවේ සටනක

01-09-2018 16:33

මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ රන් හෝ රිදී පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාවක් ශී‍්‍ර ලංකා රග්බි පිරිමි කණ්ඩායමට අද (01) ගිලිහී ගියා. එ් ආසියානු රග්බි ශූරයන් වන ජපානය හමුවේ තියුණු සටනකින් පසු ශී‍්‍ර ලංකාව පරාජය වීමත් සමගයි. ජපානය මෙම තරගය ජය ගත්තේ 12 ට 10ක් ලෙසයි.

මෑත කාලයේ ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම තියුණු සටනක් ලබාදුන් හොද තරගයක් ලෙස මෙම තරගය හැදින්විය හැකියි. පළමු අර්ධය නිමා වන විට 12 ට 10ක් ලෙස ඉදිරියෙන් පසු වුණේ ජපානයයි. දෙවන අර්ධයේ දෙපිලම ලකුණු රැස් කිරීමට සමත් වූයේ නැහැ. අවසන් මින්ත්තුවේදී ශී‍්‍ර ලංකාවට උත්සහක දිනුමක් වාර්තා කිරීමට තිබූ අවස්ථාව ගිලිහීයාමත් සමග ශී‍්‍ර ලංකාවට මෙම තරගයේ පරාජය වැලදගන්නට සිදු වුණා.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කවිදු පෙරේරා සහ නායක සුදර්ශන මුතුතන්තී‍්‍ර උත්සාහක දිනුම්වාර්තා කළා. ශී‍්‍ර ලංකාව මෙමම තරගය පරාජයවීමත් සමග ශී‍්‍ර ලංකාවට දැන් තරග වැදීමට සිදුව ඇත්තේ ලෝකඩ පදක්කම සදහායි. ශී‍්‍ර ලංකාව එහිදී තරග වදින්නේ දකුණු කොරියාව සමගයි. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 6.45 ට ආරම්භ වීමට නියමිතයි