Wednesday, May 8, 2024

General line - 0115112241

ග්‍රීසියේ සංචාරකයින් පිරුනු වෙරළ තිරයක හදිසි තත්ත්වයක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ග්‍රීසියේ  Zakynthos දුපතේ පිහිටි සංචාරකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන Navagio මුහුදු වෙරළ අසල පිහිටි කන්දක කොටසක් නාය යෑම හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

නැව් මුහුදුබත් වූ මුහුදු තිරය ලෙස මෙම වෙරළ කළාපය හදුන්වනු ලබන අතර මෙම ස්ථානයට ලගා විය හැක්කේ ද බෝට්ටුවකින් පමණක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එහි සිටි සංචාරකයින් පිරිසක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන් වෙරළ තිරයේ සිටින විට එක් වර ශබ්දයක් ඇසුණු බවත් ඒ සමගම කන්දේ කොටසක් නාය යන අයුරු තමන් දුටු බවයි. 

කන්ද නාය යාමත් සමග විශාල පස් කන්දක් සහ ගල් පර්වත මුහුදට වැටීම නිසා කුඩා සුනාමි තත්ත්වයක් මෙන් රළ පහර ගොඩබිම දෙසට ඇදී ආ බව එම සංචාරකයින් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර සිටියා.

මෙම කන්දේ කොටසක් නාය යාමත් සමග ඇතිවූ රළ පහරට ගොදුරුවීමෙන් බෝට්ටු 03 ක් මුහුදු ගිලි ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

සහන කටයුතු වල නිරත ග්‍රීසියේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරින් සදහන් කරන්නේ පස් කන්දට යට තවත් පුද්ගලයින් සිරවී ඇත්දැයි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.