Friday, April 26, 2024

General line - 0115112241

තිලකාගේ කොන්ත්‍රාත් කාලය දික් වෙයි

කසුන් කැලුම්




දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම කෙරෙහි ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු ව තිබෙනවා. තිලකා ජිනදාස ගේ කොන්ත්‍රාත් කාලය ලබන ජනවාරි මස 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුනා. 

ආසියානු දැල්පන්දු ශූරතාව දිනා දීමට ඇය ලබාදුන් කැපවීම මත කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමටයි අවධානය යොමුව ඇත්තේ. දැල්පන්දු  සංගමයේ ව්‍යවස්ථාව අනුව පුහුණුකරු ධුරයේ කොන්ත්‍රාත් කාලය වසරක්. ව්‍යවස්ථාව අනුව යලි පුහුණුකරු තෝරා ගත යුත්තේ අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි. 

2019 වසරේ.පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සමග තිලකා ජිනදාස සිටිය යුතු බව ක්‍රීඩිකාවන් ගේ මෙන්ම බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා.