Sunday, September 23, 2018
Hotline - 0770586666

ත්‍රිකුණාමළයේ භුකම්පනයක්

දිනුක් හේවාවිතාරණ

10583Views


අද (15) අලුයම 12:35ට පමණ මැග්නිටියුඩ් ඒකක 3.5ක අගයකින් යුත් භුකම්පනයක් ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ ගොඩබිමට වන්න සිදුව ඇති බව භුවිද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ ස්ථාපිත සුනාමි අනතුරු ඇගවිමේ ඒකකය සදහන් කර සිටිනවා.

ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ සිදුවු  මෙමභු කම්පනය පල්ලේකැලේ, මහකනදරාව සහ හක්මන ප්‍රදේශයන්හි ස්ථාපිත කර තිබෙන භුකම්පන මානයන්හි සටහන්ව තිබෙන බව සුනාමි අනතුරු ඇගවිමේ ඒකකයේ නිළධාරියෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරසිටියේ ශ්‍රි ලංකාවට මෙම භුකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.