Friday, April 26, 2024

General line - 0115112241

ඔස්ට්‍රියාවේ තානාපතිවරිය ඇතුළු කාර්ය මණ්ඩලය යලි සිය රට කැඳවීමේ හේතුව ජනපති හෙළි කරයි




ඔස්ටි‍්‍රයාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් යළි ගෙන්වා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා අද අදහස් පළ කළා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ජගත්  ඕසොන් දින සැමරුම් දින උත්සවයට එක්වෙමින්.

ඔබ දකින්න ඇති සමාජ මාධ්‍ය ජාල වලින් මට ගහලා තිබ්බා. මම එක්තරා තානාපති කාර්යාලයක තානාපතිවරියගේ සිට එම තානාපති කාර්යාලයේ සේවය කරන කම්කරුවා දක්වා වහාම රටට එන්න කියලා නියෝගයක් දුන්නා කියලා. ඒ අය හෙට අනිද්දා එනවා. වියානා නගරයේ පිහිටා තිබෙන අපේ තානාපති කාර්යාලයේ සේවය කළ තානාපතිවරියගේ ඉඳලා මුළු කාර්ය මණ්ඩලයම. පහුගිය සතියේ මට අවශ්‍ය උනා ඒ තානාපති කාර්යාලයේ සිටින තානාපතිවරියට කතා කරන්න. මගේ දුරකථන ක්‍රියාකරවන සේවකයින් පුරා පැය හතරාමාරක් උත්සහ කළා ඒ තානාපති කාර්යාලයේ තියෙන දුරකථන 06 ටම. දුරකථනය නාද වෙනවා, ඒත් දුරකතනයට පිළිතුරු දෙන්න කෙනෙක් නැහැ. දුරකථන 06ක් වැඩ කරනවානම් එයට පිළිතුරු දෙන්න කවුරුත් නැත්නම් ඒ තානාපති කාර්යාලේ අයට විතරක් නෙමෙයි. අනිත් තානාපති කාර්යාල වල අයටත් එක්ක පණිවිඩයක් දෙන්නයි මේක කරන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.