Wednesday, May 8, 2024

General line - 0115112241

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය රොකට්ටුවක් කඩා වැටෙයි (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අමෙරිකානු සහ රුසියානු අජටාකාශගාමීන් දෙදෙනක් රැගෙන යමින් තිබු රුසියාවේ නිෂ්පාදිත සොයුස් (Soyuz) රොකට්ටුව ගුවන් ගතවීමෙන් පසුව ඇතිවූ කාර්මික දෝෂයක් නිසා හදිසි ගොඩ බෑමක් සිදුකළ බව නාසා ආයතනය නිවේදනය කරනවා.

 කසකස්ථානයේ සිට ගුවන් ගත කළ මෙම සොයුස් රොකට්ටුව තත්පර 90 ක් වැනි කෙටි කාලයක් තුලදී සිය දෙවන අදියරේ වේග ප්‍රවේශය ලබා ගන්නා අවස්ථාවේදී දෙදිරීමකට ලක්ව ඇති අතර ඒ සමග ඒ තුල සිටි අජටාකාශගාමින් දෙදෙනා හදිසි ගොඩබෑමේ ආධාරකය ක්‍රියාත්මක කර තිබෙනවා.

ප්‍රධාන රොකට්ටුවෙන් මිදුණු අජටාකාශගමින් දෙදෙනා රැගත් සොයුස් රොකට්ටුව ගුවන් ගතවු කසකස්ථානයේ බයිකොනුර් රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට සැතපුම් 100 ක් උතුරු දෙසින් පිහිටි ප්‍රදේශයට ගොඩබා තිබෙනවා.

නාසා සහ රුසියානු අභ්‍යවකාශ ආයතනයන්හි නියෝජිතවරුන් වහාම එම ස්ථානයට ලඟාවි එහි සිටි අජටාකාශගාමීන් දෙදෙනා නිරුපද්‍රිතව පිටතට ගෙන ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් බවයි නාසා ආයතනය නිවේදනය කළේ.

ඇතිවූ හදිසි තත්ත්වය පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු අභ්‍යවකාශ ආයතනය සදහන් කළේ ඉදිරි විමර්ශන සිදුකරන තුරු මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානා කක්ෂගත කිරීම නතර කිරීමට පියවර ගත් බවයි.

අජටාකාශගාමින් දෙදෙනා සහිත සොයුස් රොකට්ටුවේ ඇතිවූ සිදුවීම රැගත් වීඩියෝව පහතින් :