Wednesday, May 8, 2024

General line - 0115112241

විග්නේස්වරන් පක්ෂයෙන් ඉවත් වීමේ ලිපිය භාරදෙයි

දිනසේන රතුගමගේ




උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය අද (08) එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා වෙත බාරදී තිබෙනවා.

මේ අනුව සී.වී.විග්නේස්වරන් අද සිට තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකු නොවෙනු ඇති.

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිවරයාට පක්ෂයෙන් ඉවත් වීමේ ලිපිය බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහඳ සාකච්ඡාවක් පැවැත් වුණා.

එහිදී සී.වී.විග්නේස්වරන්ගෙන් ඔහුගේ දේශපාලන අනාගතය පිළිබදව මාවෙයි සේනාධිරාජා තොරතුරු විමසා ඇති බවයි වාර්තා වුණේ.

තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටෙකත් උතුරු පළාතේ දේශපාලන කටයුතුවලින් බැහැර නොවන බවත් මෙහිදී පවසා තිබෙනවා.

රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විග්නේස්වරන් විසින් මාවෙයි සේනාධිරාජා හට පවසා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග දෙමළ ජාතික සන්ධානය ගණුදෙනු කිරීමේදී මීට වඩා  පරෙස්සම් වියයයුතු බවයි.