Wednesday, May 8, 2024

General line - 0115112241

මන්ත්‍රිවරුන්ට දුන් මුදල් ගැන දන්නේ ජනාධිපතියි - හිටපු අගමැතිගෙන් ප්‍රකාශයක්

දිනුක් හේවාවිතාරණ




පසුගිය කාලයේ තමන් අභියෝගයන්ට හා සිත්වේදනාවන්ට මුහුණ දීමට සිදුවූ බවත් එල්ලවූ සියළුම අවලාද, අපහාස, බැන වැදීම් ඉතා ඉවසීමෙන්, සංයමයෙන් හා ශිලාචාරව මුහුණ දුන් බව හිටපු අගමැතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

අද රට ඉතා අර්බුධකාරී හා සංකීර්ණ තත්ත්වයකට ඇද වැටී ඇති බවත් කවුරුන් ජනාධිපති, අගමැති, ඇමති තනතුරු දරනවාද නැත්නම් ආණ්ඩු කරනවාද යන ප්‍රශ්නය නොවෙයි. තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවද නැද්ද යන ගැටළුව බව මෙහිදී හිටපු අගමැතිවරයා කියා සිටිනවා.

ඊයේ (11) දිනයේදී ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේදී සදහන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද හිටපු අගමැතිවරයා මෙහිදී කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා. 

එහිදී රනිල්වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නියම කළ මිල ගණන් ගැන දන්නේ ජනාධිපතිවරයා බවයි. තම පක්ෂයේ සහ දෙමළ සන්ධානයේ සිටි මන්ත්‍රිවරයෙක් ඒ පැත්තට ගනිමින් ඇමතිධුර පිරිනැමුවේ ජනාධිපතිවරයාත් මේ හේතුව නිසා සාමන්‍ය ජනතාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් තිබු විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ඔහු සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.