Thursday, May 9, 2024

General line - 0115112241

ලේක් හවුස් ආයතනයේ උණුසුම් තත්ත්වයක් 

දිනුක් හේවාවිතාරණ




ලේක් හවුස් ආයතනයේ මේ වන විට දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙනවා. ඒ ජීප් රථයකින් පැමිණි පිරිසක් ලේක් හවුස් පරිශ්‍රයට ඇතුල් වීමට උත්සහ කිරීමත් සමගයි.

මේ අවස්ථාවේදී ආයතනයේ සේවකයින් සහ ජීප් රථයේ පැමිණි පිරිස අතර ගැටුමක් ඇතිවූ බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටියේ. මෙම ගැටුමෙන් එක් කාන්තාවක් තුවාල ලබා ඇති බවටද වාර්තා වනවා.

මේ වන විට ලේක් හවුස් ආයතන පරිශ්‍රය අසලට පොලිසිය පැමිණ ඇති බව සඳහන්.