Thursday, May 9, 2024

General line - 0115112241

"ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ" කරුණු 20ක් ගැන සාකච්ඡා කරයි - යළිත් හමුවෙන්න දින නියම කරයි

මහේෂ් චතුරංග




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේ දී අද (21) පෙරවරුවේ පැවැත්වුණා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල හා උපදේශක මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා. දෙපාර්ශ්වය අතර පිහිටුවීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙනුයි මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ.

පොදුජන පෙරමුණ සමග අද පැවති සාකච්ඡාවේදී කරුණු 20ක් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මීළඟ සාකච්ඡාව අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙන බවයි නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ. 

ඔහු වැඩි දුරටත් කියා සිටියේ කරුණු කිහිපයක් පිළිබඳ එකඟතා කිහිපයකටද පැමිණි බවයි.