Friday, January 17, 2025

General line - 0115112241

නම් වෙනස් කර ගැනීමට මුස්ලිම් පුද්ගලයන් පෝළිමේ - වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලීම් 27ක්

හේමන්ත කහවලගේ




සිය නම් වෙනස් කිරීම සදහා මුස්ලිම් පුද්ගලයින් 27 දෙනෙකු පසුගිය කාලසීමාවේදී වත්තල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. 

ඔවුන් සියලූ දෙනා ඉල්ලීම් කර ඇත්තේ ඔවුන්ගේ මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් ලබාගැනීම සදහායි. 

මීට සති කිහිපයකට පෙර එම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා. 

...................................................................................

Update : මුස්ලිම් නම් සිංහල නම් කිරීමක් ගැන පැතිර යන කතාවේ ඇත්ත පහදයි (2019.05.06)

මුස්ලිම් ජාතිකයින් 27දෙනෙකු සිය නම් සිංහල නම් ලෙස වෙනස් කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව වත්තල ප‍්‍රාදේශීය සභාව පවසනවා.

ප‍්‍රාදේශීය ලේකම් පී. ඩී. ටී. සී. රාජිකා පැවසුවේ 2016 සිට ලිපි ලේඛණ පරීක්ෂා කළද එවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව නොතිබූ බවයි. 

තමන් මේ පිළිබඳව ඉහළ නිලධාරීන්වද දැනුවත් කර ඇති බවත් කියා සිටියා.