සින්තටික් මර්ජුවානා නොහොත් “කේ ටූ සිට්” නැමැති මත්ද්‍රව්‍ය තරුණ සහ පාසල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රචලිත කිරීමේ අවධියක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සියලුම නිලධාරින් දැනුවත් කර එය වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් ප්‍රධානීන් විසින් පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මත්ද්‍රව්‍ය ශරීරයට ඉතා අහිතකර බලපෑම් ඇති කරමින් පුද්ගලයින් ඉතා මානසික ව්‍යාකූල තත්ත්වයකට පත් කරන බවද සඳහන්.
ඒ අනුව පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුකල හැකි පුද්ගලයින් සහ ස්ථාන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිස් ප්‍රධානීන් විසින් සියලුම පොලිස් ස්ථාන හා පොලිස් කොට්ඨාස වෙත දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.