Wednesday, May 8, 2024

General line - 0115112241

ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේගේ විශේෂ නියෝජිතයා සහ අගමැති අතර සාකච්ඡාවක්




ශුද්ධෝත්තම ෆ්රැුන්සිස් පාප්වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප‍්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡුාවක් අද පස්වරුවේ පැවැත්වුණා.

ඒ, කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේදීයි.

මෙහිදී දෙපාර්ශවය අතර පාස්කු ඉරු දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරය සහ රටේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ශ‍්‍රී ලංකාවේ වතිකානු තානාපති අගරදගුරු පියරේ ගුවේන් වැන්ටොට් ද එක්ව සිටියා.