Wednesday, May 8, 2024

General line - 0115112241

වැල්ලවායේ අනතුරකින් තිදෙනෙකු මරුට : තිදෙනෙකුට බරපතළයි (PHOTOS)

ජයන්ත වීරසේකර-වැල්ලවාය




වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ කුඩාඔය ඒයාර් පෝට් මංසන්ධිය අසලදී අද (24) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වීතිබෙනවා. තිරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියේ.

මෙම මාරක රිය අනතුරින් කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙන අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් තණමල්විල මූලික රෝහලට ඇතුළුත් කර ඇත.

අනතුරින් පසු තුවාලකරුවන් කඩිනමින් තණමල්විල රෝහලට ඇතුළුත් කර නමුත් ඉන් තිදෙනෙකු ඒ වන විටත් මියගොස් සිටි බව තණමල්විල රෝහලේ ප්‍රකාශකයකු සදහන් කර සිටියේය. මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට අනාවරණය වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන තණමල්විල පොලිසිය සිදුකරයි.