Thursday, May 9, 2024

General line - 0115112241

තිරිගු පිටි මිල ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදනවල මිල අද ප්‍රකාශයට

කසුන් කැළුම්




තිරිගු පිටි මිල ඉහළ යාමත් සමග පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවලද මිල ඉහළ නැංවීම කෙරෙහි බේකරි හිමියන්ගේ සංගමයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණයක් ගන්නා බවයි එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ප‍්‍රකාශ කළේ. ඊයේ (16) රාති‍්‍රයේ බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් එම සංගමය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

බොහෝ විට තිරිගු පිට මිල ඉහළ යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් පමණ ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.