Wednesday, May 8, 2024

General line - 0115112241

පොලිස් වෙඩි පහරින් "ආවා කල්ලියේ" සාමාජිකයෙක් මරුට

දිනුක් හේවාවිතාරණ




යාපනය, මානිප්පායි පොලිස් වසමේ ඉනුවිල් ප්‍රදේශයේදී අද (20) රාත්‍රි 8.40 ට පමණ පොලිසිය විසින් සිදුකල වෙඩි තැබිමකින් "ආවා කල්ලියේ" සාමාජිකයෙක් මියගොස් තිබෙනවා.

ඉනුවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට ප්‍රහාරයක් එල්ල කිරිමට ආවා කල්ලියේ පිරිසක් පැමිණෙන බවට ලද තොරතුරක් මත මානිප්පායි පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශයේ පුද්ගලයින් සහ වාහන සෝදිසි කිරිමේ රාජකාරියේ නිරතවි තිබෙනවා.

එම අවස්ථාවේදි තියුණු ආයුධ සහිතව යතුරුපැදි තුනකින් පුද්ගලයින් හය දෙනෙකු පැමින තිබෙනවා. 

ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි නිලධාරින් සැකකරුවන්ව අත් අඩංගුවට ගැනිමට උත්සහ දැරිමේදි ඔවුන් පොලිස් නිලධාරින්ට කඩු වලින් පහර දිමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදි සිදුකල වෙඩි තැබිමකින් එක් සැකකරුවෙක් තුවාල ලබා රෝහල් ගත කිරිමේන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරුවන් සතුව තිබු කඩු 03ක් සහ යතුරුපැදියක් පොලිසිය සිය භාරයට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් යතුරුපැදි වලින් පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.