Wednesday, May 8, 2024

General line - 0115112241

මුස්ලිම් විවාහ නීතියේ යෝජිත සංශෝධනවලට යළි ආගමික නායකයින්ගෙන් විරෝධතා

හේරත් ඒකනායක - මහනුවර




මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සම්බන්ධයෙන් යෝජිත ඇතැම් සංශෝධනවලට මුස්ලිම් ආගමික නායකයින්ගෙන් නැවත විරෝධයක් ඉදිරිපත් වී ඇතැයි මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච් ඒ හලීම් පවසනවා.

ආරම්භක අවස්ථාවේද මෙම සංශෝධනවලට මුස්ලිම් ආගමික නායකයින්ගෙන් විරෝධයක් ඉදිරිපත් වූ අතර ඒ අනුව දැන් ඉදිරිපත් වී ඇති යෝජනා සකස් කෙරුණේ සාකච්ඡා වට කිහිපයකින් පසුවයි. ඒ සඳහා ද මුස්ලිම් ආගමික නායකයින්ගෙන් ඉදිරිපත් වී ඇති විරෝධතා සම්බන්ධයෙන් ඉදිරියේදී නැවත සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

සාකච්ඡාවලින් පසු අදාළ සංශෝධන සඳහා තමන් සහ අධිකරණ අමාත්‍යවරිය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍ය එම් එච් ඒ හලීම් මෙහිදී කියා සිටියා.