Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 267 කට සිමා වෙයි

ඩිල්ෂාන් මඩවල




ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ නවසීලන්ත දෙවන ඉනිම මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා. දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 18 ක්.

පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 249 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 267 ක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 61 ක් ලබා ගත්තා. සුරංග ලක්මාල් ලකුණු 40 ක් ලබා ගැනීම ද විශේෂතවයක්. 08 වන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 81ක සබඳතාවක් ගොඩ නගා ගත්තා. අද මෙම තරගයේ 03 වන දිනයයි.