Thursday, May 9, 2024

General line - 0115112241

කරූ පැරද වූ 'පබා' ගැන රහසක් ඇමති දයා හෙළි කරයි




අපේක්‍ෂකයා කවරෙකු වුවද එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරනවන බව අමාත්‍ය දයා ගමගේ පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (21) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිට් වැඩසටහනේදීයි.

ඉකුත් මහ මැතිවරණයකදී කරූ ජයසූරිය මහතා අභිබවා උපේක්‍ෂා ස්වර්ණමාලි එක්සත් ජාතික පක්‍ෂයෙන් මනාප ලබාගැනීම සම්බන්ධයෙන් රහසක්ද අමාත්‍ය දයා ගමගේ මෙහිදී හෙළි කළා.

එහිදී සඳහන් කළේ "ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළා ටෙලි නාට්‍ය නිලියක් පබා කියලා. කරූ ජයසූරිය මැතිතුමා මට කිව්වා කතා කරලා මේ දරුවට හරි අසාධාරණයක් වුණා ගිය රජයෙන්..ඒක නිසා උදව් කරන්න කියලා. ඒක නිසා පබාගේ පෝස්ටර් ටික ඔක්කොම ගහලා දුන්නේ මම.  එතකොට මම දේශපාලනයේ හිටියේ නෑ. එතුමිය පාර්ලිමේන්තුවට පත්වුණාට පස්සේ මගේ ගාවට ඇවිල්ලා මට ස්තූති කළා. මං ඇහුවා ඔබතුමිය කව්ද කියලා. මොකද මම වැඩිය ටෙලිනාට්‍ය බලන්නැති නිසා..අඳුනන්නේ නෑ. එදා ගම්පහ දිස්ත්‍රික්කයේ මෙච්චර වැඩ කරපු මෙච්චර උගත්කමක් තියෙන කරූ ජයසූරිය මැතිතුමාවත් පරාජය කරලා පබාව ජයග්‍රහණය කරපු ජනතාවක් තමයි ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ. " යනුවෙනි.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසෙන්න.