Wednesday, May 8, 2024

General line - 0115112241

මාස 04 කට පසුව "හදිසි නිතිය" අවසන් 

දිනුක් හේවාවිතාරණ




පුද්ගලයින් 258 දෙනෙකුට මරු කැඳවමින් ඉකුත් අප්‍රේල් 21 වෙනිදා මෙරට සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ හදිසි නීතිය යළි දීර්ඝ කර නොමැති බවට වාර්තා වනවා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනාධිපතිවරයා විසින් සෑම මසකම 22 වෙනිදා හදිසි නිතිය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනයට අත්සන් තැබූ අතර පසුගිය ජුලි මාසයේදී නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයේ කාල සීමාව ඊයේ (22) මධ්‍යම රාත්‍රී 12 න් පසු අවසන් විය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුකරනු ලැබූ ආරක්ෂක අංශ මෙහෙයුම් සඳහා මෙම හදිසි නීති රේගුලාසි බලාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය අප්‍රේල් මාසයේදී පියවර ගනු ලැබුවා.