Friday, April 26, 2024

General line - 0115112241

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු හදිසියේ පිරවීමේ සූදානමක්

සමන්ත කුමාර / සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පවතින පුරප්පාඩු හදිසියේ පිරවීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබාදීම වැළැක්වීමේ අරමුණින් සුළු පිරිසකගේ අවශ්‍යතාව මත එම පත් කිරීම් සිදුකිරීමට යන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

දැනට පවත්නා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංයුතිය අනුව ජනාධිපති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වුවහොත් ඉන් බහුතරයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය දක්වනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වැඩිදුරටත් සදහන් කළා.