Wednesday, May 8, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළා. 
ඒ, අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව කල්තැබීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඔක්තෝම්බර් 31 වනදාට යෙදී තිබීයදීත්, පාර්ලිමේන්තුව සති 05කින් කල්දමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු වැලැක්වීම වැරදි සහගත බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති විනිසුරු ලේඩි හේල් ප්‍රකාශ කළේ. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකෝපයට පත්වීමත් සමගම අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ද බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.