Thursday, May 9, 2024

General line - 0115112241

බෙදුම්වාදී නායකයින් 09 දෙනෙකුට අධිකරණයෙන් දුන් තීන්දුව

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කැටලෝනියාවේ බෙදුම්වාදි නායකයින් 09 දෙනෙකුට ස්පාඤ්ඤයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ, ඉකුත් 2017 වසරේ පැවැත්වූ නිදහස් ජනමතවිචාරණයේදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට එරෙහිවයි. විදෙස් වාර්තා පවසන පරිදි අදාළ බෙදුම්වාදී නායකයින් හට වසර 9 යේ සිට වසර 13 දක්වා වන සිරදඬුවමක් වෙන් වෙන් වශයෙන් පනවා තිබෙනවා.

නිදහස් ජනමතවිචාරණයට සහය දැක්වූ තවත් කැටලෝනියානු දේශපාලන ක්‍රියාකාරීන් 03 දෙනෙකු ද අධිකරණය මගින් වරදකරුවන් කර ඇති නමුත්, ඔවුන්ට දඩ නියම කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරකදරුවන් වූ මුළු බෙදුම්වාදී නායකයින් ගණන 12ක්. කෙසේවෙතත් තමන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඔවුන් පවසන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට එරෙහිව බාසිලෝනා නුවර දැවැන්ත විරෝධතා ද පැවැත්වුණා. නිදහස් ජනමතවිචාරණයක් හරහා ස්පාඤ්ඤයෙන් වෙන්වී ස්වාධීන විම සඳහා 2017 වසරේදී කැටලෝනියානුවන් උත්සහ කළද පසුව එම උත්සහය අසාර්ථක වුණා.