Saturday, May 11, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගයේ අකටයුතුකම් ගැන සමාජ මාධ්‍ය වාර්තා අධ්‍යාපන ඇමති ප්‍රතික්ෂේප කරයි




මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ අකටයුතුකම් සිදුවූ බවට සමාජ මාධ්‍යයන්ගේ පළවන ඇතැම් ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අද (03) විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. 

වැසි හෝ වෙනත් ආපදාවන්ගෙන් ද සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතුවලට හෝ අයැදුම්කරුවන්ට අවහිරයක් සිදු නොවූ බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූයේ ඊයේ දිනයේයි. අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු ඊට පෙනී සිටිනවා.