Thursday, May 9, 2024

General line - 0115112241

පුහුණු තරගයේදී කොදෙව්වන් පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් ජය පැන් බොයි




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවති පුහුණු එක්දින ක්‍රිකට් තරගය කඩුළු 2 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43 යි පන්දු 4 කදී ලකුණු 282 කට සියළු දෙනා දැවී ගියා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 3 කදි කඩුළු 8 ක් දැවී ලකුණු 283 යි. 

උපුල් තරංග ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.  විශිෂ්ඨ පිතිහරඹයක ද යෙදුණු උපුල් තරංග පන්දු 124 කදී ලකුණු 120 ක් ලබාගත්තේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින්. අසේල ගුණරත්න ලකුණු 64 ක් ලබාගත්තා. 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරග 3 ක් සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 22 වනදා පැවැත්වෙනවා.