Wednesday, May 8, 2024

General line - 0115112241

වතුකරයේ පවුල් 200ක් ස්වයං නිරෝධායනයට 

රංජිත් රාජපක්ෂ 




හැටන්, දික්ඔය දරවල වත්ත පහල කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ අද (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන් පේමසිරි සඳහන් කර සිටිනවා.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වු දේවගැතිවරයෙක් පසුගියදා හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණි දේව මෙහෙයක් පවත්වා ආහාර මලු බෙදා දි එම දේවගැතිවරයා දිවයිනෙන් බැහැරව යාමෙන් පසු ඔහුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරු වි තිබුණා.

එම දේවස්ථානයේ රැදි සිටින කිහිපදෙනෙකු මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇති අතර එම දේව මෙහෙයට සහ ආහාර මලු ලබා ගැනිමට පැමිණි පිරිස හදුනාගත නොහැකි නිසා එම ප්‍රදේශයේ වෙලඳ කලාප වල සහ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව සේවය කරමින් සිටි වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ ඇති නිසාත් එම පවුල් දැඩි ස්වයං නිරෝධානයට යොමු කල බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටියේ.