Thursday, May 9, 2024

General line - 0115112241

කො‍රෝනා වෛරසය අසාධිතව සිටි 21 දෙනෙකු සුවය ලබා නිවෙස් කරා යයි




කුවේට් සිට පැමිණ ති‍්‍රකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිිටි 51 හැවිරිදි කාන්තාවක් හදිසියේ මියගොස් තිබෙනවා. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, එම කාන්තාව නව්‍ය කොරෝනා ආසාදිත රෝගියෙකු වශයෙන් තහවුරු කරගෙන ඇති බවයි. 

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 21 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 695 ක්. 

මේ අතර, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 07 දෙනෙකු අද දිනයේ හඳුනාගැනුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 1,148 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.