Wednesday, May 8, 2024

General line - 0115112241

කොළඹ වරාය පිවිසුම් මාර්ගය අවහිර කිරීම වළක්වමින් වර්ජනයේ නිරත සේවකයින්ට අධිකරණයෙන් නියෝගයක්




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය යටතේ කි‍්‍රයාත්මක විය යුතු බවට ලිඛිත ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරමින් වරාය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක වනවා. විරෝධතාකරුවන්ට බ්ලූමැන්ඩල් වරාය පිවිසුම් මාර්ගය ඇතුළු මාර්ග අවහිර කිරීම සහ වරාය පරිශ‍්‍රයේ රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම වළක්වාලමින් අළුත්කඬේ අංක 08 මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා. ඒ, වරාය පොලිසිය, අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

කෙසේ වෙතත්, නීතියට අවනත වෙමින් සිය වැඩ වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක කරන බවයි වරාය ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප‍්‍රසන්න කළුතරගේ පැවසුවේ. 

වරාය සේවකයින් පිරිසක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් හම්බන්තොට පැවති මාධ්‍ය හමුවකදී, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මෙලෙස අදහස් පළ කළා.