Thursday, May 9, 2024

General line - 0115112241

බන්ධනාගාරය තුළ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි




කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ වල දමා තිබු අත්විලංගු යුගලක යතුරක් සොයාගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

මෙම යතුර බෝතලයක දමා විශේෂ ඝණයේ  අපරාධකරුවන් රඳවා සිටින G වාට්ටුව ඉදිරිපිට වල දමා තිබු බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

නඩු කටයුත්තකට රැගෙන  යන අවස්ථාවේදී පලායාමට භාවිත කිරීම සඳහා කිසියම් රැඳවියෙකු මෙම යතුර සඟවා තබන්නට ඇති බවටයි බන්ධනාගාර නිලධාරීන් සැක පළ කරන්නේ.