Thursday, May 9, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලයේ සිදුවූ ගැටුමක් ගැන විපක්ෂයෙන් හෙළිකරයි




20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැටුම්කාරී තත්වයක් උද්ගත වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල අද (17) ප‍්‍රකාශ කළා.

ඒ, සමගි ජනබලවේගය අද කැඳවූ මාධ්‍ය හමුවකදියි.

එහිදී "ඊයේ කැබිනට් මණ්ඩලය රැස් වුණාම කැබිනට් මණ්ඩලය තුළ පිපිරීමක් ඇති වෙලා තිබුණා. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් මේක විශාල වලියක්. සංවාදයක් නැතිව නිර්මාතෘවරයෙක් නැතුව ව්‍යවස්ථා සංශෝධනයකට අත ගැහුවාම ඇති වෙන තත්ත්වය මේකයි. කොටින්ම අධිකරණ ඇමතිතුමත් කියලා තියෙනවා මේ ව්‍යවස්ථාව හැදුවේ එතුමා නෙමෙයි කියලා. ජනතාව දැන ගන්න අවශ්‍යයි මේකට යෝජනා ආවේ කොහෙන්ද කියලා. " යනුවෙන් සඳහන් කෙරුණා.