Thursday, May 9, 2024

General line - 0115112241

සීගිරියේ අඩු ආදායම්ලාභී ඉඩම් හොරෙන් ලබා ගෙන ඇත්තේ සුපිරි ක්‍රිකට් තරුවක්

මහේෂ් කිර්තිරත්න




සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් නිීති විරෝධි අයුරින් ලබා ගැනීමේ සිද්ධියට ගෑවුණු ක්‍රිකට් ක්‍රීඩකයා ලෝකප්‍රකට හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් බව අනාවරණ වී තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ ඔහුගේ බිරිදගේ නමට එම ඉඩම් ලබා ගෙන ඇති බවයි. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේද සහය ලැබී ඇති බවටයි හෙලි වී ඇත්තේ. මෙම කාන්තාව අඩු ආදායම් ලාබී කාන්තාවක් බව පෙන්වමින් ඉඩම් ලබා ගැනීමට තැත් කර ඇති බවද මේ වන විට සිදු කර ඇති මූලික පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

මෙම මූලික පරීක්ෂණයට හේතුවුයේ අදාල ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊයේ පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තොරතුරු හෙලී වීමත් සමගයි. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් මිලදි ගනු ලැබ ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කරන ලෙසයි. ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙසටද මේ වන විටත් අදාළ නිලධාරින්ට උපදෙස් දී අවසන්.

මෙම ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිදගේ නමට ලබා ගෙන ඇති අදාල ඉඩම, රජය අයත් අක්කර 02ක ඉඩමක්. අඩු ආදායම්ලාභි යැයි පවසා අදාල ඉඩම මෙම කාන්තාවගේ ඥාතියෙකුගේ නමට දීමනා පත්‍රයකින් පවරා ගෙන පසුව ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිද මිලට ගෙන ඇති බවයි වැඩිදුරටත් හෙලි වී ඇත්තේ. අඩු ආදායම්ලාභි යැයි පෙන්විම සඳහා කූඨ ලේඛනද සකසා ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවන විට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සහ මාතලේ අතිරේඛ දිස්ත්‍රික් ලේකම් ඉඩම් අදාල සාකච්ඡාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ කියා සිටියේ අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කර ඒවා මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දිමට කටයුතු කළ යුතු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඔහුගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරිමට අදාළ ක්‍රිකට් ක්‍රිඩකවරයා කටයුතු කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බවයි නෙත් නිවුස් උදෑසන 06යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අනාවරණ කළේ.