Wednesday, May 8, 2024

General line - 0115112241

දිළිඳු රටවල් කොරෝනා මර්දන එන්නත් නිපදවීමට ගන්නා උත්සහයන් ලොව ප්‍රභල රටවල් විසින් අවහිර කරලා




ලොව දිලිදු රටවල් කොරෝනා මර්දන එන්නත් නිපදවීමට ගන්නා උත්සහයන් ලොව ප්‍රභල රටවල් විසින් අවහිර කර ඇතැයි වාර්තාවක් මගින් හෙලිදරව් කර තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා මර්දන එන්නත් නිපදවීම සදහා සහය ලබා දෙන්නැයි ලොව දිලිදු රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර ඇති බවයි.

එහෙත් ඒ සදහා ඇති ජාත්‍යන්තර  නීතිමය තත්වයන් පවා බලවත් රටවල බලපෑමෙන් හරස් වී ඇති බවයි අදාළ වාර්තාවෙන් අනාවරණ කර ඇත්තේ. 

කොරෝනා මර්දන එන්නත් නිපදවීමේ ක්‍රියාවලියේදී ලොව දිලිදු රටවලට බලපෑම් එල්ල කරන රටවල් අතරට බි්‍රතාන්‍ය, අමෙරිකාව හා යුරෝපා සංගමයට අයත් රටවල් වන බව අදාල වාර්තාව වැඩිදුරටත් හෙලිදරව් කර තිබෙනවා.