Friday, April 26, 2024

General line - 0115112241

රසායනික පොහොර සහ පලිබෝධ නාශක තහනම් කිරීම ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමෙන් අහිතකර ප්‍රථිපල ඇතිවිය හැකියි - කෘෂි විද්වතුන්ගෙන් පැහැදිළි කිරීමක්




රසායනික පොහොර සහ පළිබෝධ නාශක තහනම ක්‍රමානුකූලව සිදුකළ යුත්තක් බව කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ විද්වතුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රසායනික පොහොර සහ පළිබෝධ නාශක තහනම් කිරීම ක්‍ෂණිකව ක්‍රියාත්මක කිරීමට යාමෙන් අහිතකර තත්ත්වයන් මතුවිය හැකි බවයි.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා කෘෂිකර්ම ආයතනයේ උප සභාපති සමන් වරුසවිතාන මෙම අදහස් පළ කළා. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාක පෝෂණය හා පාංශු විද්‍යාව පිළිබද මහාචාර්ය සමන් ධර්මකීර්ති ද මෙම වැඩසටහනට එක්වුණා.