Wednesday, May 8, 2024

General line - 0115112241

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට




අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (11) ඉදිරිපත් කෙරෙනවා.

කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පෙර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නැයි ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (10) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.  ඒ, ලිපියක් යොමුකරමින්.

මේ අතර පනත් කෙටුම්පතට එරෙහිව කිසියම් පාර්ශවයකට අධිකරණයට යාමේ අවශ්‍යතාවක් තිබුණේ නම් එය මීට පෙර සිදුකළ යුතු බවයි නෙත් නිවුස් අද කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සඳහන් කළේ. විශේෂයෙන් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් ඇති බවත් එවැනි ගැටුම් මෙම කාර්යාල හරහා යම් පාලනයකට යටත් කිරීමේ හැකියාව ඇති බවත් පැවසුවා.

මෙම පනත් කෙටුම්පත හරහා සමාජයේ පවතින විවිධ ගැටුම්කාරී තත්ත්වයන් මගහරවා ගැනීමටද හැකියාව තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.