Friday, April 26, 2024

General line - 0115112241

එකම දවසක දිනූ ආසියානු කුසලාන යුගලය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කතා කරයි




සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් තුළ ගොඩනැගී ඇති විශ්වාසනීයත්වය ආසියානු කුසලානය දිනා ගැනීමට හේතුවූ ප්‍රධානතම සාධකය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා. ඊයේ රාත්‍රියේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් භානුක රාජපක්‍ෂ ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් කිහිප දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් පසු සිය සැලසුම් ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන්ද භානුක රාජපක්‍ෂ මෙහිදී අදහස් පළ කළා.

නිසි අවධානයක් යොමුකළ හොත් ක්‍රිකට්, දැල් පන්දු මෙන්ම සෙසු ක්‍රීඩාවන්ගෙන්ද ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි බවයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක වැඩිදුරටත් සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ආසියානු කුසලානය දිනා ගනිද්දී ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමද දැල් පන්දු ආසියානු ශූරතාව ඊයේ දිනයේදීම දිනා ගැනීම සුවිශේෂි සිදුවීමක් වුණා.