Wednesday, May 21, 2025

General line - 0115112241

වෙඩි වැදීමකින් හාඩ්වෙයාර් හිමිකරුවෙකු මරුට



හුංගම, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැළක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙක්.

ඔහු සිය ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැළ පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ පළමු මහළේ සිට බිම් මහළට බැස ඇති අවස්ථාවේ මෙම වෙඩි වැදීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.