Wednesday, May 21, 2025

General line - 0115112241

ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



පසුගිය වසරේ සැප්තැම්බර් 20වන දින අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අවිස්සාවේල්ල සහ ලුණුගම ප්‍රදේශවලදීයි.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගෙන විමර්ශනය කරනු ලබන රමේෂ් ප්‍රියජනක නොහොත් මන්නා රමේෂ් විසින් විදේශගතව සිටියදී එම ඝාතනය මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.