Wednesday, March 12, 2025

General line - 0115112241

පිලිපීනයේ හිටපු ජනපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට



පිලිපීන හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඔහුට වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුවයි.

ඔහු විසින් පිලිපීනයේ සිදුකල මත්ද්‍රව්‍යවලට එරෙහි දැවැන්ත මෙහෙයුම තුළින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකල බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

79 හැවිරිදි පිලිපීන හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ හොංකොං සිට මැනිලා ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු ඔහු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

2016 සිට 2022 දක්වා පිලිපීනයේ ජනාධිපති ධූරය හෙඹ වූ රොඩ්රිගෝ ඩුටර්ටේ දහස් ගණනක් මිනිසුන් මරාදමා ඔහු විසින් කුරිරු ලෙස මත්ද්‍රව්‍ය මර්දනය කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.