ඩිජිටල් සේවා සපයන ව්‍යවසායකයින්ගේ පහසුව සඳහා නව වැඩසටහන් රැසක් ඉදිරියේදී හඳුන්වාදෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
ඒ අයවැය විවාදයට ඊයේ එක්වෙමින්.
විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ඩිජිටල් හැඳුනුම්පත රටට හඳුන්වාදීම සඳහා කිසිදු හදිස්සියක් නොමැති බැවින් සුපරික්ෂාකාරීව අදාළ තීරණය ගත යුතු බවයි.
විවාදයට එක්වෙමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා කියා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත මාස 06ක් ඇතුළත හඳුන්වාදීමට කටයුතු කරන බවයි.
ඩිජිටල් හැඳුනුම්පත ලබාදුන්න ද සැලකිය යුතු කාලයකට දැනට භාවිත කරන හැඳුනුම්පත ද භාවිත කිරීමට ජනතාවට සිදුවනු ඇති බවද ඔහු පැවසුවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදය අදත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.