ඉන්දීය පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන උපායමාර්ගික අරමුණු සඳහා අවම වශයෙන් චන්ද්‍රිකා 10 ක් පැය 24 පුරාම ක්‍රියා කරන බව එරට අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති වී නාරායනන් පැවසුවේය.
ඔහු ඒ බව අනාවරණ කළේ ඉම්ෆාල්හි මධ්‍යම කෘෂිකර්ම විශ්ව විද්‍යාලයේ ඉකුත් දා පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් අමතමින්ය.
"අපේ අසල්වැසියන් ගැන ඔබ සියලු දෙනා දන්නවා. අපේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න නම්, අපි අපේ චන්ද්‍රිකා හරහා කටයුතු කළ යුතුයි. අපි කිලෝමීටර් 7,000 ක මුහුදු තීරය නිරීක්ෂණය කළ යුතුයි. මුළු උතුරු කොටසම අපි අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතුයි. චන්ද්‍රිකා සහ ඩ්‍රෝන් තාක්‍ෂණය නොමැතිව අපට එය කළ නොහැකියි," ඔහු පැවසීය.
අභ්‍යවකාශය තුළ ඉන්දියාව ලබා ඇති ජයග්‍රහණ ගැන කතා කරමින් සභාපතිවරයා පැවසුවේ චන්ද්‍රයාන්-1 මෙහෙයුම චන්ද්‍රයාගේ මතුපිට ජල අණු පිළිබඳ සාක්ෂි සොයා ගත් අතර එය කළ පළමු රට ඉන්දියාව බවට පත් කළ බවයි.
ඉන්දියාව "විශිෂ්ට අභ්‍යවකාශ බලයක්" බවට පත්වෙමින් සිටින බවත් 2040 වන විට එහි පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇති කරන බවත් ඔහු පැවසීය.
ඉන්දියාව රටවල් 34ක් සඳහා චන්ද්‍රිකා 433ක් කක්ෂගත කර ඇති බව ද ඔහු පැවසීය.