Tuesday, May 20, 2025

General line - 0115112241

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාර සැලසුමක් එරට ආරක්ෂක අංශ ව්‍යාර්ථ කරයි



ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාරයක් ව්‍යාර්ථ කිරීමට එරට පොලීසිය සමත් වී තිබෙනවා. 

එම ප්‍රහාරය සැලසුම් කළ බව කියන අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

තෙලන්ගනා සහ ආන්ද්‍රා ප්‍රදේශ් පොලීසිය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී සිරාජ් රෙහ්මාන් සහ සයිඩ් සමීර් නැමති එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

අදාළ ප්‍රහරය සඳහා සෞදි අරාබියේ සිටින අයි.එස්.අයි.එස් කණ්ඩායමක් විසින් සැකකරුවන්ට උපදෙස් ලබාදී ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. 

පසුගියදා කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදීන් සිටින බවට සැක කෙරෙන ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්. 2025 ලෝක රූ රැජින තරගාවලිය මේ දිනවල පැවැත්වෙන්නේ ද හයිද්‍රාබාද් නගරයේදීයි.